Posts

Showing posts from February, 2018

මෙන්න සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ අලුත්ම වැඩේ

Image
සිරි සමන්තභද්‍ර හිමියන්ගේ 43වන ජන්ම දිනය නිමිත්තෙන් සිදු කරන පිංකම් මාලාවේ එක් පුණ්‍යකර්මයක් ලෙස පොල් අතු පැලක බොහෝ අඩුපාඩුකම් මධ්‍යයේ දිවි ගෙවූ මඩහපොල,මොරොත්ත ප්‍රදේශයේ දුප්පත් පවුලක් උදෙසා නව නිවසක් ඉදි කර දී ඇත.අලින් බහුල අති දුශ්කර පෙදෙසක ජීවත් වූ මෙම පවුලේ වූයේ ස්වාමියා අහිමි බිරිඳක් සහ ඇගේ දරුවන් තිදෙනාත්,ඇගේ මවත් පමණි.මුලින් මේ පවුල ජීවත් වූයේ අටවා ගත් පොල් අතු පැලකයි.වැස්සකදී පොල් අතු පැල තෙමී දරුවන්ගේ පොත්පත් ආදිය ද තෙමී පෙඟී යන තරමට ම එම පොල් අතු පැල අබලන් තත්වයේ පැවතී ඇත.කෙසේ නමුත් ඒ අසරණ පවුලට අ‍ංග සම්පූර්ණ නව නිවසක් තනා දීමට සිරි සමන්තභද්‍ර හිමියන් ප්‍රමුඛ සිරි සදහම් ආශ්‍රමයේ දායක පිරිස කටයුතු කර ඇත.එහි ඡායාරූප පහතින්... එම පවුල කලින් ජීවත් වූ පොල් අතු පැල සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සාදා නිමකර පරිත්‍යාග කළ නව නිවස