Posts

Showing posts from August, 2017

සමන්තභද්‍ර හිමි දළඳාවට අපහාස කළා ද ?

Image
කලින් කලට විවිධ පුවත් මවන සමන්තභද්‍ර හිමියන්ගේ නවතම දේශනාවක් සම්බන්ධව මේ වනවිට සමාජ ජාල මාධ්‍යයන්හි ආන්දෝලනයක් ඇති ව තිබෙනවා. ඒ සම්බන්ධව පුවත් පළ කළ විවිධ ගොසිප් අඩවිවල මාතෘකාව ලෙස යොදා තිබුනේ "දන්ත ධාතූන් කියන්නේ ඌරු දතකට.. ලලාට ධාතුව කියන්නේ සිප්පිකටුවකට.. ධාතු කරඩුවලට වැන්දම මල පෙරේතයො වෙලා උපදිනවා.." යනුවෙන් සමන්තභද්‍ර හිමියන් ප්‍රකාශ කරන ලද බවයි. මාත්ෘකාව එසේ වුවද මෙම වීඩියෝව තුළ ඒ හිමියන් ප්‍රකාශ කර සිටින්නේ අද වනවිට වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇති ව්‍යාජව නිර්මාණය කරන ලද ධාතූන් වහන්සේලා සම්බන්ධව බව පැහැදිලි වේ.එසේම අධික ලෝභයෙන්,ආශාවෙන් ධාතු කරඬුන් වහන්සේලා ආරක්ෂා කරන භික්ෂූන් ඒ ඇල්ම නිසා ම ප්‍රේතයින් වන බවද සදහන් කරයි.යමකට අධික ආශාවෙන් යුක්ත වූවන් මියගිය පසු ඒ දේවල් කෙරෙහි ම ආශාවෙන් උපදින බව ද බෞද්ධ විරෝධී කතාවක් නොවේ. නමුත් මෙම වීඩියෝව නැරඹීමෙන් තොර ව එම ගොසිප් අඩවිවලින් පළ කරන ලද ශීර්ෂපාඨය ගැන පමණක් අවධානය යොමු කළ බොහෝ පිරිසක් ඒ සම්බන්ධව වැරදි අවබෝධයකින් කටයුතු කරන,අදහස් දක්වන බව පෙනේ. සාමාන්‍ය පුද්ගලයන් පමණක් ම නොව ඇතැම් සංවිධාන පවා මෙම ගොසිප් අඩවිවල ගැටයට හසුවී

පෝයට බාර් අරින්න - සමන්තභද්‍ර හිමියන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

Image
පෝයට බාර් අරින්න සමන්තභද්‍ර හිමියන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! "පෝයට බාර් අරින්න" යන මාතෘකාව මුල් කරගත් නවතම වීඩියෝ පටයක් මේ වනවිට අන්තර්ජාලයට එක් වී තිබෙනවා.මෙහි දී මෙම වීඩියෝව තුළ පෙනී සිටින චරිත ද්විත්වය විටින් විට සමාජයේ මහත් ආන්දෝලනයන්ට තුඩු දෙන කරුණු ගෙනහැර පාන චරිත දෙකකි.ඉන් එක් චරිතයක් වන්නේ දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ වන අතර එම සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ නව පරපුර තුළ බෙහෙවින් කතාබහට ලක්වන චරිතයක් වන ඉරාජ් වීරරත්නයි. මෙම සාකච්ඡාව ඔබම නරඹා තීරණය කිරීම යෝග්‍ය වන බැවින් අප වීඩියෝව සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් මෙහිදී දක්වන්නේ නැත. එම වීඩියෝව පහතින් >>>