Posts

Showing posts from October, 2017

සමන්තභද්‍ර හිමියෝ මල්වතු නාහිමිට කරුණු පැහැදිලි කරති

Image
පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ (සිරි සමන්තභද්‍ර හිමි) විසින් මෑතකදී දේශනයක් අතරතුරදී සිදු කල ප්‍රකාශයක් එක්තරා බෞද්ධයැයි කියාගන්නා රූපවාහිනී නාලිකාවක් මගින් එය දන්තධාතූන් වහන්සේටත්, ලළාට ධාතුන් වහන්සේටත් සිදු කල නිග්‍රහයක් ලෙසට විකෘති කොට,ව්‍යාජ පුවත් ඉදිරිපත් කොට ජනතාව හා ස‍ංඝයා මුලාකිරීම පිළිබඳව අද දින මල්වතු මහානායක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාව පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ සමඟ සුහදව සාකච්ඡාවක් ඊයේත් අද දිනත් මල්වතු මහාවිහාරයේදී සිදු කළා. එහිදී, නුවර ප්‍රදේශයේ සිදු කල ධර්ම දේශනාවක් අතරතුරේදී සිදුවූ බාධාකාරී තත්වය අස්ගිරි පාර්ශවයෙන් සිදු කළා යයි සිතා සිදුකල ප්‍රකාශයෙන් අස්ගිරි පාර්ශවයට අපහාසයක් සිදු වී නම් එයට සමාව ගැනීමටද සුදානම් බව පිටිදුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ (සිරි සමන්තභද්‍ර හිමි) එහිදී ප්‍රකාශ කළහ. උක්ත දන්තධාතුන් වහන්සේලාට අදාළ ප්‍රකාශයෙන් පිටිදුවේ සිරිධම්ම හිමියන් කිසිලෙසකින්වත් මහනුවර වැඩ සිටින පූජනීය දන්ත ධාතුන් වහන්සේට හට හා සේරුවාවිල වැඩ වෙසෙන ලළාට ධතුන්වහන්සේට පරිභවයක් නොකළ බවත් එය අදාළ නාලිකාව මගින් විකෘති කොට පෙන්වා දුන් දෙයක් බවත් මහනායක හිමිපාණන් වහ

මගේ රහත්බව පරීක්‍ෂා කරන්න ජනාධිපති කවුද ? පිටිදුවේ හිමි ජනාධිපතිට ත‍්‍රිපිටකයෙන් අමතයි.

Image
දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සරි සමන්තභද්‍ර හිමියන් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපයක් පහතින් දැක්වෙයි. 2017 10 12 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති කාර්යාලය, කොළඹ 01, අතිගරු ජනාධිපතිතුමනි. බුද්ධශාසන කාර්‍යසාධක මණ්ඩලයේ ත්‍රිකුණාමලේ ආනන්ද නා හිමි හා අගලකඩ සිරිසුමන හිමි  මගින් ඔබතුමා වෙත ඉදිරිපත් කොට ඇති සාවධ්‍ය ලිපිය සම්බන්ධව උක්ත ලිපියෙහි සඳහන් පරිදි එම හිමිවරුන් පවසා ඇත්තේ මා විසින් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පුජනිය දළදා වහන්සේ හා ළලාට ධාතුන් වහන්සේ ඌරූ දතකට හා සිප්පි කටුවකට සමාන කර ඇති බවයි. මෙය මුළුමනින්ම සාවධ්‍ය පුවතකි.ධර්ම දේශනාවක දි පැහැදිලි කල  උපමාව හා උපමේය නිසියාකාරව තේරුම් ගැනීමට අසමත්කම, එම වීඩියෝ පටය නිසියාකාරව නොබැලීම හෝ විශ්ලේෂණයකින් තොරව කවුරුන් හෝ ප්‍රකාශ කරන ලද කරුණු සත්‍ය යැයි සිතා නුගත් කමින් මෙවැනි අදහස් පල කොට මෙරටෙහි අතිගරු ජනාධිපති වරයා මෙන්ම සමස්ත සමාජයම නොමගයැවීමේ මෙවැනි පහත් ක්‍රියාවන් අප කිසිසේත්ම අනුමත නොකරන්නෙමු. මා